Tuesday, May 13, 2025
Home » දොඩන්ගොඩ පිටිය ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනයට පියවර

දොඩන්ගොඩ පිටිය ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනයට පියවර

by sachintha
December 14, 2023 12:04 am 0 comment

දොඩන්ගොඩ මහජන ක්‍රීඩාංගණය ජාතික මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන තිබේ. රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිත පිරිසක් පසුගියදා එම ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ක්‍රීඩාංගණය සෝදාපාළුවට ගිය, ගල් බොරළු පෑදුන, කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි, කැලෑවට ගිය පිටියක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බිමක් ලෙස පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ඇතිව මේ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම පිළිබඳ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමට පියවර ගෙන තිබේ. නගරයෙන් පිටත ගම්බද ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ ‘අරමුණ’ වැඩසටහන හරහා මේ සංවර්ධන කටයුතු සිදු වෙයි.

මීගහතැන්න සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT