184
ඌරුබොක්ක තැන්නහේන ප්‍රදේශයේ නිවසකට විශාල කළු ගලක් පෙරළීමෙන් නිවසට දැඩි හානි සිදුව ඇත.
මෙම ගල්ගෙඩිය නිවසට පෙරළී තිබුණේ පෙරේදා (12) සවස 4.00 ට පමණය. ප්‍රදේශයට ඇද හැළුණ අධික වැස්සත් සමඟම නිවස පිටුපස ඉවුරේ තිබූ විශාල කළු ගලක් නිවසට පෙරළී තිබුණි. ගල් ගෙඩිය නිවසේ කාමරයකට පෙරළී තිබූ අතරම ගල් ගෙඩිය පෙරළීමෙන් නිවසට දැඩි හානි සිදුව ඇත. ගල් ගෙඩිය පෙරළෙන අවස්ථාවේ නිවැසියන් නිවසේ සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත. නිවසේ පිටුපස නිදන කාමරයකට ගල පෙරළී තිබීම හේතුවෙන් නිවසේ පිටුපස බිත්තිවලට හානි සිදුව ඇත.
ඌරුබොක්ක විශේෂ ඒ.පී.දයාචන්ද්‍ර