දකුණ ,ඌව බස්නාහිර සබරගමුව මධ්‍යම හා නැගෙනහිර පළාත්වලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි අද(15) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර හා සබරගමුව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මේ අතර, නිල්වලා ගගේ ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සි සුගීෂ්වර මහතා පැවසීය.
වර්ෂාවත් සමග උල්හිටිය, රත්කිඳ ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රි විවෘත කෙරිණ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ හේතුවෙන් රත්කිඳ ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ සපත්තු පාලම භාවිතයෙන් වළකින ලෙසයි.
එසේම කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 12 ක් ඊයේ රාත්‍රි විවෘත කර තිබේ.