Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමතිගෙන් ලිපියක්

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමතිගෙන් ලිපියක්

by chanaka
December 15, 2023 10:16 am 0 comment

ශ්‍රී ලංකා මුහුදේ දී අත්අඩංගුවට ගන්නා තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයින් සම්බන්ධයෙන් සුදුසු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගැනීමට වහාම පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් මහතා, ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය සී ජයිශංකර්ගෙන් ඉල්ලීමක් කරයි.

දැනට එලෙස අත්අඩංගුවට පත්ව සිටින ධීවරයින් 45 දෙනෙකු සහ බෝට්ටු 138 ක් නිදහස් කර ගැනීමට මැදිහත්වන ලෙස ද ප්‍රධාන අමාත්‍යවරයා ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇතැයි PTI පුවත් සේවය වාර්තා කරයි.

දෙසැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පිළිබඳව “ගැඹුරු වේදනාවක්” ප්‍රකාශ කරමින් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සතියක් තුළ සිදු වූ තුන්වන සිදුවීම මෙය බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවරයන්ගේ ජීවනෝපාය අනතුරට පත් වී ඇති බවත්, ධීවර ගම්මාන තුළ භීතියක් ඇතිව තිබෙන බවත් ඔහු සදහන් කර ඇත.

ඉහත ධීවරයින්ට අමතරව බෝට්ටු 137 ක් සහ ධීවරයින් 39 ක් තවමත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බවත් ස්ටාලින් ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT