Home » ශ්‍රී ලංකා ක්‍රිකට් නඩුව අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් නඩුව අවසන්

by chanaka
December 15, 2023 1:14 pm 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.

කෙසේ වෙතත් ඉදිරියේදී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැදවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT