එක්සෙල් වර්ල්ඩ්හි ස්නෝ වර්ල්ඩ්, සිත් කුල්මත් කරවන ශීතලෙන් නැහැවෙන්න ඔබත් සූදානම් වන්න. ස්නෝ වර්ල්ඩ්, ශීත හිමකැට සමඟ විනෝදයෙන් පිරී ඉතිරී යන, හිම පියලි පිරුණු අත්දැකීමක් ශ්‍රී ලංකාවේදී පිරිනමන එකම ස්ථානයයි.
එක්සෙල් වර්ල්ඩ්හි ස්නෝ වර්ල්ඩ් සුවිශේෂී මාධ්‍ය එළිදැක්වීම, ප්‍රධාන අනුග්‍රාහක පෙප්සි සමාගම සහ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහක ‘වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක්’ සමඟ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන් මෙන්ම එක්සෙල් රෙස්ටුරන්ට්ස් සහ බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන් සමඟ දෙසැම්බර් 7 වැනිදා උත්සවශ්‍රීයෙන් පිරුණු විනෝදාත්මක සන්ධ්‍යාවක් ලෙස පැවැත්විණ.
මේ වසරේදී, ස්නෝ වර්ල්ඩ් හිමෙන් වැසුණු උත්තර ධ්‍රැවයේ මනමෝහනීය නවතම අත්දැකීමක් හඳුන්වා දෙයි. එහිදී තාරකා දිදුලන මන්දාකිණි පසුබිමක පිණිමුවන් වටා යෙදූ ජීවමාන ප්‍රමාණයේ නත්තල් කරත්තයකින් අලංකෘත වෙයි. හිම මාලිගය ඉදිරිපිට රඳවා ඇති දැවැන්ත හිම මිනිසුන් විසින් මෙම අපූරු හිම අත්දැකීම සඳහා ආරාධනා කිරීම සිත් පැහැරගන්නාසුලුය. ස්නෝ වර්ල්ඩ් මාසයක් පුරා මෙම අත්දැකීම ජනතාවට ලබා දීම සහතික කරන අතර, එය දෙසැම්බර් 8 වැනිදා සිට 31 වැනිදා දක්වා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතී. සියල්ලන්ටම ත්‍රාසජනක ක්‍රීඩා සහ විනෝදාස්වාදයන් පිරිනමමින් එක්සෙල් වර්ල්ඩ් දෙසැම්බර් 15 වැනිදා සිට උත්සව සැණකෙළියක් ද සංවිධාන කරයි.
“එක්සෙල් වර්ල්ඩ්හි ස්නෝ වර්ල්ඩ් වැඩිදියුණු කළ නව මුහුණුවරකින් එළිදක්වද්දී අප අත්දැකීමක් පිරිනමනවා පමණක් නොවේ; ප්‍රීතිය, පවුල සහ ශීත ඍතුවේ අනූපම ආකර්ෂණය අපි කොළඹදී ගොඩනංවමින් සිටිමු. නගරයේ හදවත තුළ නිර්මාණය වූ උත්තර ධ්‍රැවයේ විස්මිත අත්දැකීම සෑම අමුත්තෙකුටම ලබා දීම අපගේ ඉලක්කයයි. එක්සෙල් වර්ල්ඩ් මේ වසරේ උත්සව සමයේ සැමරුම් නව තලයකට ගෙන ඒම සඳහා සැලසුම් කර ඇති අතර, ආනන්දජනක තිළිණ සහ නත්තල් සුබපැතුම්, උත්සව සමයේ සාද සහ සැණකෙළි සඳහා අවකාශයන් සමඟ ඔබව ප්‍රීති ප්‍රමෝදයට පත් කරනු ඇත.” එක්සෙල් රෙස්ටුරන්ට්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පුලින්ද ප්‍රනාන්දු මහතා පැවසීය.