Home » සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට

by chanaka
December 15, 2023 1:10 pm 0 comment

හෙට (16) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇතැයි ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව කිරිපිටි රු. 08කින්, ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 15කින්, දේශීය අල රු. 15කින්, ආනයනික අල රු. 15කින්, කඩල රු.5කින් මිල අඩු කර තිබේ.

රතු නාඩු රුපියල් 02කින් හා සුදු නාඩු රුපියල් 05කින් අඩු කිරීමටත් පියවර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT