Home » අද දවස

අද දවස

by mahesh
December 15, 2023 12:59 am 0 comment

රාහු කාලය 
උදේ 10.37 – 12.06 දක්වා 
රාත්‍රි 10.53 – 12.06 දක්වා 
දිව්‍යමය සුබ මුහුර්ත 
ගමන් යෑමට 
උදේ 06.52ට උතුර බලා 
උදේ 07.42ට උතුර බලා 
ලොතරැයි මිලදී ගැනීමට 
උදේ 07.42ට උතුර බලා 
උදේ 09.17ට උතුර බලා 
පැළ සිටුවීමට 
උදේ 09.42ට උතුර බලා 
සවස 04.40ට උතුර බලා

මේෂ
ව්‍යාපාර ප්‍රගතිය

කරගෙන ආ ව්‍යාපාරවල ප්‍රගතියක් දක්නට ලැබෙයි. දරු සම්පත් හිමිවීමේ වාසනාව පවතී. තම දරුවකුට ලැබෙන අධ්‍යාපනික පිටරට ශිෂ්‍යත්වයක් නිසා ඔබට ද පිටරට ගමන් යෙදේ.

වෘෂභ
රැකියා ප්‍රතිලාභ

වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ කිහිපයකි. බොහෝ ලැබීම්වලට හේතු වෙයි. වාහන ඉඩම් නිවාස හිමිකම ද ඒ අතර වෙයි.

මිථුන
දේපළ හිමිකම්

දේපළ හිමිකමක් පෙන්වයි. පිටරට ගමන් බිමන් හා තම නිවෙසේ ආගමික කටයුතු ද සිදු කෙරේ. අසල්වාසීන් හා සුහදව කටයුතු කිරීමට මඟ සැලසේ.

කටක
කටයුතුවල මන්දගාමි වේ

තම දියුණුව උදෙසා කරගෙන ආ කටයුතුවල මන්දගාමි බවක් පෙනෙන්නට තිබේ. ආර්ථිකය තුළ විවිධ බාධා මතු වේ.

සිංහ
සමීපතමයන් හා මතභේද

විවාහ ස්ථානගත බාධා හා තම සමීපතමයන් සමඟ මතභේද හට ගනී. මධ්‍යස්ථ අදහස් දැරීම උචිතය. නැත හොත් අනාගතයට විවිධ සිත් කලකිරීම් මතු විය හැකිය. තුනටියට අපලයි.

කන්‍යා
විය­දම් අධික වේ

දුර ගමන් බහුලය. වියදම් අධික වේ. තමාට වඩා වයසින් වැඩි අය සමඟ ඇසුරට වැටේ. ඒ නිසා කිසියම් ආකාරයක රැවටිලිවලට පවා හසුවීමට ඉඩ තිබේ.

තුලා
පැතුම් සපල වේ

ආර්ථිකයට නව සැලසුම් එකතු වේ. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් ජයග්‍රහණය කිරීම සඳහා වෙහෙසීමට සිදු වේ. ප්‍රාර්ථනා කළ පරිදි අතපසු වූ බලාපොරොත්තුවක් සපල වනු ඇත.

වෘශ්චික
ලැබීම් යහපත්

එදිනෙදා ජීවිතය කාර්යබහුල වුව ද ලැබීම් අතින් සතුටුදායක වේ. වාහන සිහිනය සැබෑ වේ. තම අධ්‍යාපනික කටයුතු සාර්ථක වේ. මවුපියන් සමඟ වැඩි වේලාවක් ඇසුරු කිරීමට කලකට පසු හැකි වේ.

ධනු
සමාජ සේවයට හිත

බොහෝ පිරිස් ඇසුරට ලැබේ. සමාජ සුභසාධනයට කැප වේ. තම ආර්ථික ප්‍රතිලාභ ඉහළ යයි. දේපළ ඉඩම් හා නිවාස ලාභ පෙන්වයි. නඩුහබ පැවතුණා නම් ඒවා සමථයකට පත් වේ.

මකර
සමාජ ඇසුර වැඩේ

වියදම් අධික වේ. එහෙත් ලැබීම් අතින් අඩුවක් නොවේ. තම සමාජශීලි ගතිය තව තවත් වැඩි දියුණු වේ. උගුරේ අසනීප පවතින අය නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු වේ.

කුම්භ
දෙස් විදෙස් ජය

ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුව උදා කෙරේ. අවිවාහක අයට මංගල යෝග. ක්‍රීඩා කෞශල්‍යය වැඩි දියුණු වේ. ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ද උදා වේ. උසස් අය ඇසුරට පත් වේ.

මීන
පිටරට ගමන්

පිටරටක සිටි අයකුගේ සහාය අනුව පිටරට ගමනකට හේතු වේ. නොසැලකිල්ල නිසා නිකරුණේ මුදල් නැති නාස්ති වීමට ඉඩ ඇත. තනී තීන්දු තීරණ නිසා උවදුරු කරදර උදා වීමට පුළුවන.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT