Home » දකුණු චීන මුහුදේ ධීවර යාත්‍රා ඉලක්ක කළ චීන ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් පිලිපීනය හෙළාදකී

දකුණු චීන මුහුදේ ධීවර යාත්‍රා ඉලක්ක කළ චීන ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් පිලිපීනය හෙළාදකී

by mahesh
December 15, 2023 1:00 am 0 comment

සිය ධීවර යාත්‍රාවලට එරෙහිව චීනය විසින් දකුණු චීන මුහුදේ නීති විරෝධී සහ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් සිදු කරන බවට පිලිපීනය චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පිලිපීන ධීවර කාර්යාංශයේ දෛනික සැපයුම් සිදු කරනු ලබන යාත්‍රාවකට චීන වෙරළාරක්ෂක හමුදාව අවස්ථා 8කදී ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවත්, එම සිදුවීම තරයේම හෙළා දකින බවත් පිලපීන රජය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් වහාම නතර කරන ලෙසත් පිලිපීන රජය චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

චීන වෙරළාරක්ෂක හමුදාව එල්ල කළ එම ජල කාලතුවක්කු ප්‍රහාරයෙන් ධීවර යාත්‍රාවලට ඉන්ධන සැපයීම සිදු කරමින් සිටි පිලිපීන ධීවර යාත්‍රාවේ සන්නිවේදන උපකරණවලට සහ නාවික උපකරණවලට දැඩි හානි සිදු වූ බවත් පිලිපීන කාර්ය සාධක බළකාය ප්‍රකාශ කර තිබේ. මානුෂීය ආධාර බෙදා හැරීමේ කටයුතු වැළැක්වීම නීති විරෝධී පමණක් නොව අමානුෂික ක්‍රියාවක් බව නිවේදනයක් නිකුත් කරමින් පිලිපීන කාර්ය සාධක බළකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT