104
මාතර නිල්වලා ලියෝ සමාජයේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස මාතර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් කුඩා පුස්තකාලයක් ස්ථාපිත කිරීම පසුගියදා සිදු විය. කොළඹ, ගාල්ල, මහනුවරට දුම්රියෙන් හීන හඹා යන ජීවිතවලට තත්පරයේ අතපසු වීම පැය ගණනින් මාතර දුම්රිය පොළේ ගෙවන්නට සිදුවන අවස්ථාවන් දැනුමින් පිරවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.