Sunday, May 11, 2025
Home » ඉන්දීය ධීවරයන් 6ක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවස­‍ෙරන් ඇතුළු වූ 

ඉන්දීය ධීවරයන් 6ක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

by mahesh
December 15, 2023 12:57 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරේදා (13) කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයන් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කැර තිබේ.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානයන් මඟින් නිරීක්‍ෂණය කැර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කැර ඇත.

එහිදී කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හයදෙනෙකු (06) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT