Home » විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළට

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළට

by chanaka
December 15, 2023 11:52 am 0 comment

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරු පිරිසක් ගොනුකල තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින්ය. වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

අධිකරණ නියෝගයට අනුව රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT