Home » “මහපොළ”ට පැමිණි ජනපති යොවුන් සේනාංක කුටියට

“මහපොළ”ට පැමිණි ජනපති යොවුන් සේනාංක කුටියට

by chanaka
December 15, 2023 12:04 pm 0 comment

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය විසින් සංවිධාන කරන ලද ‘මහපොළ’ වෙළෙඳ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය දෙසැම්බර් 13වැනිදා ජා ඇල මහජන ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

ප්‍රදර්ශනයෙහි දෙවන දින වන දෙසැම්බර් 14වැනිදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන භූමිය තුළ ඉදි කරන ලද ජාතික යොවුන් සේනාංක දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණියේය. එහිදී රැඳී සිටි යොවුන් සේනාංක නිලධාරීන් සමඟ සුහද කථාබහකට එක් වූ ජනාධිපතිතුමන් විසින් යොවුන් සේනාංකයට අනුබද්ධිතව ප්‍රදර්ශන භූමිය තුළ පිහිටුවා තිබූ දඹුල්ල හෝටල් පුහුණු පාසල කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරන්නට විය.

වර්ෂ 2002 දී එවකට අග්‍රාමාත්‍යව සිටි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද ජාතික යොවුන් සේනාංකය මේ වන විට, දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 58කින් යුක්තව ක්‍රියාත්මක කෙරෙයි. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ස්ථාපිතව ඇති රජයේ ප්‍රමුඛතම යෞවන පෞරුෂ සංවර්ධන පුහුණු ආයතනය ලෙස ජාතික යොවුන් සේනාංකය හඳුනාගත හැකිය.

මෙම අවස්ථාවට නලීන් ප්‍රනාන්දු, සාගල රත්නායක, සහන් ප්‍රදීප් විතාන යන මැතිඇමතිවරුන් සහභාගී විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT