Sunday, May 11, 2025
Home » කරෙයිනගර් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ හයක් දැලේ

කරෙයිනගර් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ හයක් දැලේ

by mahesh
December 15, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නාවික හමුදාව විසින් යාපනයේ කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රාවක් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍රදේශයේ සිට පැමිණි මෙම ධීවරයින් හය දෙනාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට එම ධීවරයින් ශ්‍රී ලංකාවේ ධීවරයින් විසින් අල්ලනු නොලබන ඉතා කුඩා මසුන් කිලෝ 1200ක් පමණ අල්ලා ගෙන සිටි බව නාවික හමුදාව පවසයි.

මත්ස්‍ය අභිජනනය වඩා ශීඝ්‍ර කිරීම සඳහා උතුරේ ධීවරයින් කිසිදු අවස්ථාවක එම ප්‍රමාණයේ කුඩා මසුන් ඇල්ලීමක් සිදු නොකළ ද ඉන්දීය ධීවරයින් ඉතා කුඩා ප්‍රමාණයේ දැල් යොදා ගෙන කුඩා මත්ස්‍යයින් විශාල වශයෙන් ඇල්ලීමට පටන් ගෙන තිබේ. එම මසුන් විනාශ කළ නාවික හමුදාව ඉන්දීය ධීවරයින් හය දෙනා යාපනයේ මයිලිට්ටි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ. ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රාව නාවික හමුදාව භාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් පසුගිය දින හතර ඇතුළත මෙසේ උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT