මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ යාපනයේ කෝවිලක පූසාරිවරයෙක් කෝවිලේ තිබූ රන් කාසි පහක් සොරකම් කොට ස්වර්ණාභරණ වෙළෙඳ සලකට උකස් තබා තිබියදී යාපනයේ ඌර්කාවතුරේ පොලිසිය විසින් එම පූජකවරයාව පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.
පූසාරිවරයා විසින් එම රන් කාසි උකස් තබන ලද රිසිට් පතද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර ඔහුව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා විටත් ඔහු මත්ද්‍රව්‍ය පානය කොට සිටීම නිසා ඌර්කාවතුරේ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කොට තිබේ.
මේ සතියේම යාපනයේ තවත් කෝවිලක පූජකවරයෙකු කෝවිලේ පින්කැට හා රන් භාජනයක් කඩා මුදල් හා ස්වර්ණාභරණ හොරකම් කිරීමේ සිද්ධියක් යාපනයෙන් වාර්තා වූ අතර, පොලිසිය එම පූසාරිවරයාද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව බන්ධනාගාරගත කොට ඇත.
අත්අඩංගුවටගත් පූසාරිවරයා ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඌර්කාවතුරේ පොලිසිය පියවර ගෙන තිබේ.