කොළොන්නාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අනුබද්ධිතව පවතින වැල්ලම්පිටිය මංසන්දියට නුදුරින් පිහිටි ගරා වැටෙන්නට ආසන්න එක්තරා ගොඩනැඟිල්ලක් ඒ ආසන්නයේම පවත්වා ගෙන යන ළදරු පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ හා එම අධ්‍යාපන කාර්යාලයෙන් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට එන ගුරුවර ගුරුවරියන්ගේ ජීවිත අවදානමකට පවා හේතුවක්ව තිබෙන බව ප්‍රදේශවාසීහු හා දරුවන්ගේ මව්පියෝ පවසති.
මෙම භූමියට ඇතුළු වීම හා පිට වීම සඳහා ගේට්ටුවක්වත් නොමැති අතර මෙය ශ්‍රී ලංකාවේ ඇති ගේට්ටුවක් නොමැති එකම අධ්‍යාපන කාර්යාලය මෙය විය හැකි බව ද කියන ප්‍රදේශවාසීහු රාත්‍රි කාලයේ මෙම ගොඩනැඟිල්ල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ හා ගණිකාවන්ගේ ක්ෂේම භූමියක්ව පවතින බව ද පොලිසිය පෙනෙනතෙක් මානයේ මෙවැනි ස්ථානයක් පැවතීම තමන්ගේ මවිතයට කරුණක් බව ද ඔවුහු පවසති.
කොළොන්නාව අධ්‍යාපන කලාපයේ පාසල් 18ක වගකීම් දරන මෙම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ පාසල් දරුවන්ගේ පෙළ පොත් පවා මෙහි එක් කාමරයක ගොඩ ගසා ඇති අතර, එම ගොඩනැඟිල්ලේ තිබූ සියලුම දොර ජනෙල් පවා මත්ද්‍රව්‍ය භාවිත කරන අයවලුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි ද පැමිණිලි කළත් මෙතෙක් පොලිසියට පවා මෙම සොරුන් අල්ලා ගැනීමට නොහැකිව ඇත.
මෙම ස්ථානයට ගේට්ටුවක් නොමැති වීම සම්බන්ධයෙන් විමසීමේ දී දැනගන්නට ලැබුණේ මෙම ස්ථානය ඉංග්‍රීසින්ගේ පාලන යුගයේ දී පවා Òගෞතම විද්‍යාලයÓ නමින් විදුහලක් පැවැති ස්ථානයක් බවත් මේ වන විට මෙම භූමිය ඉදිරිපිටින් මතු පිටට දැක්වෙන පරිදි ජලනළ එළා නිවෙසකට ජලය ලබා ගෙන තිබීම මෙන්ම ඉඩම මැදින් එම නිෙවසට මාර්ගයක් ලබා ගැනීමට පිරිසක් උත්සාහ දෑරීම මෙයට හේතුවක් බවය.