ජාවාරම්කරුවකු වන Òබඩෝවිට අසංගÓ යන අයගේ ප්‍රධාන ගෝලයකු සමඟ පුද්ගලයන් තිදෙනෙකු අලෙවියට සන්තකයේ තබා ගෙන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 15600ක් සමඟ පසුගියදා (12) බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.
ප්‍රධාන සැකකරු බඩෝවිට 1 වන අදියර පදිංචිව සිටින වයස (25)ක්ද දෙවන සැකකරු රත්මලාන, බොරුපන පදිංචි වයස අවුරුදු (57) ක්ද, තෙවන සැකකරු බඩෝවිට 3 වන අදියර පදිංචිව සිටින වයස අවුරුදු (45) ක්ද වන අතර, ප්‍රධාන ජාවාරම්කරු වන Òබඩෝවිට අසංකÓ යන අය විසින් ලබාදෙන දුරකතන ඇමතුම් අනුව තොග වශයෙන් ලබා ගන්නා හෙරොයින් නිවාසවල සිට පැකට් කර බඩෝවිට, ගල්කිස්ස, මොරටුව, ලුනාව, පිළියන්දල, දෙහිවල, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට දීර්ඝ කාලයක් තිස්සේ බෙදා හැර ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවසීය.
ඉකුත් (12) වන දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීම මත නිලධාරී කණ්ඩායමක් විසින් බඩෝවිට හා බොරුපන ප්‍රදේශයේ අපරාධ නිවාරණ හා මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරීයේ යෙදී සිටිය දී පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමේ දී ප්‍රධාන ගෝලයා වන සැකකරු බඩෝවිට පාලම අසල රැඳී සිටිය දී සිදු කළ පරීක්ෂාවට අනුව සන්තකයේ සඟවා ගෙන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 5200ක් ද, දෙවන සැකකරු 3 වන අදියර ගැනුම්කරුවකු පැමිණෙන තුරු සඟවාගන සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 5200ක් සමඟ ද තෙවන සැකකරු බඩෝවිට පාලම අසල දී පරීක්ෂාවට ලක් කරනු ලැබූ අවස්ථාවේ ඔහුගේ කලිසමේ සාක්කුවේ සඟවා ගෙන සිටි හෙරොයින් මිලි ග්‍රෑම් 5200ක් සමඟ ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
මෙම වැටලීම් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් (40753) හෙට්ටි ආරච්චි, පොලිස් කොස්තාපල් වරුන්වන (85557) වීරසිංහ, (92438) මධුසංක, (99213) සේනාරත්න, (81753) හේමන්ත, පොලිස් කොස්තාපල් රියැදුරු (89863) රංගන යන නිලධාරීහු විසින් සිදු කරනු ලැබ ඇත.