Home » 18 හැවිරිදි තරුණයා ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන

18 හැවිරිදි තරුණයා ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන

by mahesh
December 15, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි නවගමුව සමූහ- සුගත් ප්‍රේමතිලක

මාලඹේ මිහිඳු මාවත පදිංචි 18 හැවිරිදි තරුණයකු සිය නි‍ෙවස තුළදී ඇඳ ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන මියගොස් සිටියදී හමු වූ බව මාලඹේ පොලිසිය පවසයි.

සිය මව සමඟ මියගිය තරුණයා අදාළ නිවසේ ජීවත්ව සිට ඇති බවත් මව සිය සහෝදරියගේ පිළියන්දල පිහිටි නි‍ෙවසට ගිය අවස්ථාවේදී මෙලෙස සියදිවි හානි කර ගන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ මිහිඳු මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වීරතුංග ආරච්චිලාගේ පුනිඳු මනීෂ නමැති 18 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

සිය නිවසේ මුදුන් යටලීයට නි‍වසේ තිබූ ඇඳ ඇතිරිල්ලක් ගැට ගසා සියදිවි හානි කරගෙන ඇති බවට සැක කළ හැකි බව ද පොලිසිය පවසයි.

කෙසේ වුවද අදාළ මරණය සැක සහිත බවට මියගිය තරුණයාගේ මව පොලිසියට පැවසීම හේතුවෙන් ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා විසින් අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලදී.

මෙම මරණය පිළිබඳව සැකයක් ඇති බවට ඔහුගේ මව විසින් ප්‍රකාශ කිරීම නිසා සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ ය පවත්වනු ලැබීය.

ඔහුගේ නිරීක්ෂණය අනුව මෙම නිවසේ අල්මාරි කබඩ් ආදිය අවුස්සා තිබීම, නිසා යම් සැකයක් මතුවන හෙයින් දීර්ඝ විමර්ශනය ක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මාලබේ

පොළිසියට නියෝග කළේය.

මියගිය පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු බවට ඥාතීන් ප්‍රකාශ ලබාදී ඇති බවත් එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය විසින් ද අත්අඩංගුවට ගෙන තිබූ බව ද පොලිසිය පවසයි. මාලඹේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT