Home » කවාජාගේ සපත්තු දෙක අයිසීසීය ගලවයි

කවාජාගේ සපත්තු දෙක අයිසීසීය ගලවයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

අයිසීසී නීති මගින් ක්‍රීඩක ඇඟලුම් මත හෝ උපකරණ මත දේශපාලන හෝ ආගමික ප්‍රකාශ ප්‍රදර්ශනය කිරීමට ඉඩක් නැත. එහෙත් උස්මාන් කවාජා එම තනි පුද්ගල හෝ කණ්ඩායම් තහනම වළක්වා ගැනීම සඳහා අයිසීසී තීරණයට අභියෝග කරමින් කටයුතු කළද, පසුව ඔහුගේ සපත්තු දෙක අයිසීසීය ඉදිරියේ ගලවා දැමීමට සිදු විය.

ඔස්ට්‍රේලියානු පිලේ උස්මාන් කවාජා පාකිස්තානයට එරෙහිව ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පුහුණු සැසියේදී තම සපත්තු යුගලයේ ‘සියලු ජීවිත සමානයි’ සහ ‘නිදහස මානව අයිතිවාසිකමක්’ යන පණිවිඩ සහිතව ක්‍රීඩා කිරීම අයිසීසීය තහනම් කිරීමට කටයුතු කළේය. මේ දිනවල පැවැත්වෙන ගාසා තීරයේ යුද ගැටුම් සම්බන්ධව කවාජා මේ පණ්විඩය ලබාදී ඇති අතර, ඔහු පිටියට පිවිසියේ අතේ කළු පැහැති වෙළුම් පටියක් ද පැලඳගෙනය. යුද ගැටුම්වලට අදාළ පණිවිඩ සහිත සපත්තු පැලඳීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ අයිසීසීය වෙනත් සපත්තු යුගලයක් පලඳින ලෙස ඔහුට දැනුම් දුන්නේය. පාකිස්තාන සම්භවයක් ඇති කවාජා පිටියට පිවිසියේ එම සපත්තු යුගල ගලවා වෙනත් එකකිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT