Home » රට පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක්

රට පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක්

by chanaka
December 16, 2023 4:02 pm 0 comment

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා හෙට (17) සිට විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද(16) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සියලුම පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීමේ තම ඉලක්කයෙන් නොසැලී සිටින බවයි.

හෙට (17) සිට ඇරඹෙන විශේෂ මෙහෙයුම පිළිබඳ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය,

“අපි මේ මෙහෙයුම් ඉතා තදින් ක්‍රියාත්මක කරනවා. ඉහළ පෙළේ අය මොනවා කීවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට මම ඉඩ දෙන්නේ නැහැ. මම පොලිසියට දීලා තියෙන්නේ ජුනි 30 වෙනකම් විතරයි. ජූනි 30 වැනිදා වනවිට මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්පූර්ණ වෙනසක් සිදු විය යුතුයි” යැයි අමාත්‍ය අලස් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා එල්ල විය හැකි ප්‍රහාරවලින් තම වැඩපිළිවෙල නතර නොකරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT