එක්සත් ජාතීන්ගේ ගෝලීය දේශගුණික විපර්යාස ක්‍රියාමාර්ග සාධාරණත්වය සහ යුක්තිය පදනම් කරමින් සිදු විය යුතු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අවසන් වූ COP28 දේශගුණික සමුළුවේදී ඉන්දියාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස චීනයට සහ අමෙරිකාවට පසු කාබන් විමෝචනය සිදු වන ලොව තුන්වැනි විශාලතම රට වුවද, කාබන් විමෝචනය අවම කිරීමට බලපෑම් නොකළ යුතු බවත්, දේශගුණික විපර්යාස මැඬ පැවැත්වීමට ලොව දියුණු රටවල් පෙරමුණ ගත යුතු බවත් ඉන්දියාව වැඩිදුරත් අවධාරණය කර ඇතැයි වාර්තා වේ.
පොසිල ඉන්ධන මත පවතින ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවේ සහ සෙසු රටවල තර්කය වී ඇත්තේ දියුණු රටවල් මේ සම්බන්ධව වැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය. එම රටවල කාර්මික විප්ලවය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි ද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
COP28 සමුළුවේදී පොසිල ඉන්ධනවලින් ඈත්වීමට රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් එකඟතාවට පැමිණි අතර, එය පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීමේ යුගයක ආරම්භය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.