Home » ඓශ්වර්යා -අභිෂේක් ඇත්තටම දික්කසාද වෙලා ද ?

ඓශ්වර්යා -අභිෂේක් ඇත්තටම දික්කසාද වෙලා ද ?

by chanaka
December 16, 2023 3:38 pm 0 comment

අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි බොලිවුඩයේ ජනප්‍රියම යුවළක් බවට පත් වූ නමුත් කාලයක් තිස්සේ ඔවුන්ගේ විවාහයේ පැවැත්ම පිළිබඳ කටකතා පැතිර ගිය අතර, මේ වන විට මෙම යුවළ දික්කසාදයෙන් ඔවුන්ගේ විවාහය අවසන් කර ඇති බවට වාර්තා පැතිරෙමින් තිබේ.

කෙසේ නමුත් මෙම වාර්තා අසත්‍යය කරමින් ඓශ්වර්යා සහ අභිෂේක් මුම්බායි හි ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ වාර්ෂික උත්සවයකට එක්ව ඇත. ඔවුන්ගේ දියණිය ආරාධ්‍යා අධ්‍යාපනය ලබන්නේ මෙම පාසලේය. මේ සදහා අමිතාබ් බච්චන් සහ ජයා බච්චන් ද සහභාගී වී තිබේ.

ඔවුන් මේ සදහා සහභාගීවන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද මේවනවිට සීග්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

ඓශ්වර්යා කළු සහ රන්වන් පැහැති ඇඳුමකින් ද, අභිෂේක් නිල් පැහැති කමිසයක් ඇඳ සිටි අතර, ඔහු එයට ගැලපෙන කලිසම් සහ සපත්තු සමඟ සිටි බව වාර්තා වේ.

ඔවුන්ගේ පින්තූරවලට ප්‍රතිචාර දක්වමින් එක් රසිකයෙක් පැවසුවේ, ‘දෙවියන් වහන්සේට ස්තූතියි!! යේ දෝනෝ සාත් හේ’, තවත් අයෙක් සටහන් කර ඇත.

අභිෂේක් සහ ඓශ්වර්යා විවාහ වූයේ 2007 අප්‍රේල් 20 වැනිදාය. ඔවුන් 2011 නොවැම්බර් 16 වන දින ආරාධ්‍යා නම් දියණියකගේ දෙමාපියන් බවට පත් විය.

https://www.instagram.com/reel/C04DFJiPf-1/?utm_source=ig_web_copy_link

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT