බීජිං හි අධික හිම පතනය මධ්‍යයේ උමං දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබේ.
ඉන් තුවාල ලැබූ පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බටහිර බීජිං හි චැන්පින් උමං මාර්ගයේ බ්‍රහස්පතින්දා සවස මෙම අනතුර සිදු ව ඇත.
පසුගිය දින කිහිපයේ චීනය දැඩි ශීත කාලගුණික තත්ත්වයකට ගොඳුරු වූ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් ලිස්සන සුළු පීලි නිසා දුම්රියේ තිරිංග ක්ෂණිකව ක්‍රියාත්මකවීම වී ඇති බව නගර බලධාරීන් පවසයි.
චීනයේ බීජිං අගනුවර බලධාරීන් ප්‍රකාශ කළේ, අනතුරින් පුද්ගලයින් 102 දෙනෙකුගේ අස්ථි බිඳීම් සිදුව ඇති බවයි. හදිසි වෛද්‍ය නිලධාරීන්, පොලිසිය සහ ප්‍රවාහන බලධාරීන් සිද්දිය වූ ස්ථානයට පැමිණි අතර, පැය කිහිපයක් ඇතුළත සියලුම මගීන් ඉවත් කර ගැනීමට සමත් විය.
රෝහල් බලධාරීන් පවසන්නේ, පුද්ගලයින් 423 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර, මගීන් 67 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.