Home » කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණ දෙකක් නවීකරණයට පියවර

කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණ දෙකක් නවීකරණයට පියවර

by chanaka
December 16, 2023 3:09 pm 0 comment

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කෘතීම හොකී ක්‍රීඩාංගණ 02 වන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණවල කෘත්‍රීම තණ තීරුව 2009 වසරේ සිට නවීකරණය නොකිරීම නිසා හොකී ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයකට ක්‍රීඩා කිරීමටත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.

ඒ පිළිබද හොකී ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ විශේෂ ඉල්ලීම සලකා බලා මේ වන විට මාතලේ නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රීම තණ තීරුවක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 235000ක මුදලකට ලබා ගැනීම සඳහා දෙසැම්බර් 15 වැනිදා ජාත්‍යන්තර හොකී සම්මේලනයේ සභාපති සහ ආසියානු හොකී සම්මේලනයේ සභාපතිගේ අත්සනින් යුත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

මැලේසියාවේ ක්වාලාලාම්පූර්හිදී එය සිදු කල බව ක්‍රීඩා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

එසේම, කොළඹ රීඩ් මාවතේ හොකී ක්‍රීඩා පිටිය සැකසීම සඳහාද මේ වන විට ඇස්තමේන්තු සැලසුම් කර ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ශමල් ප්‍රනාන්දු මහතා, මාතලේ හොකී සංගමය ලේකම් හා මෙම ව්‍යාපෘතිය අධ්‍යක්ෂක දයාන් දිසානායක මහතා,මාතලේ හොකී සංගමයේ උප සභාපති මොරාඩ් උමර්ඩීන් මහතා, ජාත්‍යන්තර හොකී සම්මේලනයේ සභාපති තයාබ් ඉක්ක්රම් මහතා,ආසියානු හොකී සම්මේලනයේ සභාපතිතුමන් සහ ආසියානු හොකී සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන් යන මහත්වරුන් එක් විය.

ක්‍රීඩාංගණ සැකසීම සඳහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දීමට එකඟ වූ බවද රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT