Home » ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම දිවි ගමනට සමුදෙයි

by chanaka
December 17, 2023 12:04 pm 0 comment

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වේ.

මිය යන විට ඔහු 77 වැනි වියේ පසුවිය.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කළේය.

අනතුරුව ලංකාවේ නිෂ්පාදිත පළමු ටෙලිනාට්‍ය ලෙස රූගතවුවද විකාශනය වනවීට ලංකාවෙ හතරවෙනි ටෙලිනාට්‍යය වන “ගඟුලෙන් එගොඩට”.පතිරාජයන් ගේ වැඩක් ලෙස වික්‍රමයන් මුලින්ම දායක වී තිබේ.

එය ලයනල් වික්‍රමයන් ගේද ටෙලිනාට්‍ය කලාවට මුලින්ම සම්ප්‍රාප්ත වීමයි .

පළමු වතාවට හාමු චරිතයක් ලෙස ලාංකේය ටෙලිනාට්‍යය වංශ කතාවේ අති විශිෂ්ට නිර්මාණයක් වන “ඇල්ල ළඟ වලව්ව”(1988විකාශනය) ටෙලිනාට්‍යයේ ආතර් හාමු චරිතය වික්‍රමයන් පණ දුන්නේය.

එය ධර්මසේන පතිරාජයන් ගේ නිර්මාණයකි.

“බට්ටි “ටෙලි නාට්‍යයෙ පවුලක ප්‍රධානියා ලෙස සැර පරුෂ දරදඬු පාලකයෙක්ගේ චරිතය “ආටි හාමු “ලෙස නිරූපණය කළේය.

ඒ තුළින් ඔහු අදටත් කතා කරන නොමැකෙන නමක් තබා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT