463
“ගජමෑන්“ ඇතුළු ජනප්‍රිය කාටූන් චරිත රැසක් නිර්මාණය කළ ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වේ.
කතුවරයෙක් සහ ප්‍රකාශකයෙක් ද වන ඔහු මියයන විට 84 හැවිරිදි වියේ පසුවුණි.
1960 දශකයේ සිට වර්තමානය දක්වාම කැමිලස් පෙරේරා ලාංකික පත්තර කලාවේ අතිශයින්ම ප්‍රිය ජනක හා ජනාදරයට පත් වුයේ ඔහුගේ කාටූන් නිර්මාණ කෞෂල්‍ය හේතුවෙනි.
සිරිබිරිස්, මගෝඩිස්, දොංසේතන්, සෙල්ලං සේන, පද්මාවතී සහ ලපයා යන ජනප්‍රිය විකට කාටූන් චරිත කැමිලස් පෙරේරාගේ නිර්මාණවේ. ඒ වෙනුවෙන් ඔහු අවස්ථා රැසකදී සම්මානවලින් පිදුම් ලැබීය.
ඔහු මෙරට ජාතික පුවත්පත් රැසකටම සිය කාටූන් නිර්මාණවලින් දායකවී තිබේ.