Home » සුපිරි ගායක හරිහරන් යාපනයේදී අතරමං වෙයි

සුපිරි ගායක හරිහරන් යාපනයේදී අතරමං වෙයි

by chanaka
December 17, 2023 10:28 am 0 comment

යාපනයේ ප්‍රසංගයක් සදහා පැමිණ සිටින දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් 11 දෙනෙකු යාපනයේ අතරමංව ඇති සිද්ධියක් වාර්තාවේ.

මේ මස 21වැනිදා යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගී වීම පිණිස මේ කණ්ඩායම පැමිණ සිටි අතර ධාරානිපතා වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය අවලංගු කිරීමට සංවිධායකවරු අද (17) තීරණය කර ති‌බේ.

එබැවින් හරිහරන් ඇතුළු පිරිස ආපසු දකුණු ඉන්දියාවට යැවීමට සංවිධායකයෝ තීරණය කොට ඇත.

නමුත් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන්ද අයහපත් කාලගුණික තත්ත්වය මත සීමා වී ඇති හෙයින් හරිහරන් ඇතුළු ගායක ගායිකාවෝ ද සංවිධායකයෝ ද දැඩි ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව වාර්තා‌වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT