ස්ථාවර ආර්ථිකයක් කරා යන ගමනේ ප්‍රමුඛ අවධානය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගාසිටුවීම බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාගන්නා බව ඒ මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදයෙන් මිදීමට රජය කැපවී කටයුතු කරමින් සිටින අවස්ථාවේ ආර්ථිකයෙන් සියයට 50කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අයවැය මගින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන සියයකට අධික ප්‍රතිපාදන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන විස්ථීරණ ණය වාරිකයේ දෙවන වාරිකය හිමිවීමත් සමග ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන ප්‍රතිපාදන සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සදහා යොදාගන්නා බව ඒ මහතා කියාසිටියේය.