419
මිල්කෝ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි
රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිම තුළ ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තමා කාලය වැය කිරීම ඵලදායි නොවන බැවින් සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබිය දීත් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේණුක පෙරේරා මහතා මුදල් ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ව තිබේ.
2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.