Home » ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට

ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට

by yasara
December 18, 2023 12:14 pm 0 comment

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව (SLSTC) පියවර ගෙන තිබෙයි

අද සිට සියලුම සතොස අලෙවිසැල් අතර මෙම බිත්තර තොග බෙදා හැරීමට කටයුතු කරන බවයි එම සංස්ථාව පැවසයි

මෙම උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවයන් වළක්වාලීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙයි

ඒ අනුව රුපියල් 35ක මිලකට සතොස අලෙවිසැල් හරහා පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව බිත්තර මිලදී ගත හැකියි.

මේ අතර, උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි තවත් බිත්තර මිලියන 15ක් ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT