Home » දූෂණය නවත්වන්න තරුණ සංවිධාන රාජ්‍ය නිලධාරීන්ව අලුත් ම ගැටයකට අහුකරලා

දූෂණය නවත්වන්න තරුණ සංවිධාන රාජ්‍ය නිලධාරීන්ව අලුත් ම ගැටයකට අහුකරලා

by chanaka
December 18, 2023 1:30 pm 0 comment

සමාජ සාමුහික දායකත්ව පදනම (SCCF), හෙට දවස සංවිධානය (The Tomorrow) සහ අයිතීන් සඳහා හඬ යන තරුණ සංවිධාන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමඟාමීව අද දින මඩකලපුව, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශවල දී ‘දූෂණයට එරෙහිව’ නව උපායමාර්ග වැඩසටහනක් දියත් කළහ.

ඒ එම ප්‍රදේශවල පොලිස් ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය සේවා, කෘෂි සේවා ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවකට තරුණ පිරිස් පැමිණ රාජ්‍ය නිලධාරීන් සමඟ මුහුණට මුහුණලා දූෂණය පිටුදැකිය හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමෙනි.

මෙම සංවාදයේ දී රාජ්‍ය යාන්ත්‍රණය තුළ දූෂණය වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව තරුණ කොටස් සහ එම ආයතන නිලධාරීන් අදහස් හුවමාරු කර ගත අතර දුෂණය වැලැක්වීම සඳහා තරුණ තරුණියන් රාජ්‍ය යාන්ත්‍රණයන් සමීපව නිරීක්ෂණය කරන බවට ද තරුණ සංවිධාන විසින් අවධාරණය කළහ.

මේ අතර මහජනතාව තුළ දූෂණයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව දැනුවත් භාවයක් ඇති කිරීම සදහා රාජ්‍ය නිලධාරීන්ගෙන් කෙටි පණිවිඩ ඇතුලත් වීඩියෝ පට ඒකරාශි කිරිමක්ද සිදුවිය.

මෙම වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරිමේ සමාජ මාධ්‍ය වැඩසටහන් සහ වඩාත් පුළුල් ලෙස රාජ්‍ය යාන්ත්‍රනය තුළ රාජ්‍ය නිලධාරීන් සමඟ විවෘත සංවාදයන් ඇති කරගැනීමට තරුණ කොටස් බලාපොරොත්තු වන බව මෙම තරුණ සංවිධාන වල ප්‍රධානින් වැඩිදුරටත් ප්‍රකශ කළහ.

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT