සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අමාත්‍යවරයා විසින් ජනක ධර්මකීර්ති මහතාට පවරා ඇති බව සඳහන් වේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා අද (18) මිල්කෝ සමාගමේ සභාපති ධුරයේද වැඩ කටයුතු ආරම්භ කර ඇත.
වර්තමානයේ ආයතනයේ සේවක අතෘප්තිමත්භාවය ඉහළයාමත් , එමගින් මිල්කෝ සමාගමේ නිෂ්පාදන ඵලදායිතාවය පහළ යාමත් සැළකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කරන බව ද අමාත්‍යවරයා විසින් නව සභාපතිවරයා පත් කිරීමේ ලිපියේ සඳහන් කර තිබේ.