Home » ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා දියණියට ජනපතිගෙන් සුබපැතුම්

ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා දියණියට ජනපතිගෙන් සුබපැතුම්

by chanaka
December 19, 2023 10:51 pm 0 comment

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.

කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇය වෙත සුබපැතුම් පණිවිඩයක් ද යොමු කර තිබෙන අතර, එසේම දැරිය දුරකථනය ඔස්සේ ද සම්බන්ධ කර ගනිමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත කටයුතු ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT