301
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ. ඒ ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට ය.
මේ අතර IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් මිලියන 15කට IPL වෙන්දේසියේ දී මිලදී ගෙන ඇත. ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනි.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ ඩුබායි හිදී පැවැත්වේ.