රුහුණු කතරගම මහදේවාලයේ රන් බන්දේසියක් අතුරුදන් වීමේ සිද්ධියට චෝදනා එල්ලවී සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුරාල නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට අද(19) භාර වී තිබේ.
ඔහු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත.
පාතාල සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තා කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන් තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේවාලයේ කපු මහත්වරුන් දෙදෙනෙකුට චෝදනා එල්ලවී තිබුණි.
කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන කපුවා වන සෝමපාල ටී රත්නායකට සහ චූටි කපුමහතා ලෙස හැදින්වෙන සමන් ප්‍රියන්ත යන අයට චෝදනා එල්ලවිය.
ඒ අනුව සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුරාල නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බව පොලිසිය සදහන් කරයි.
රුහුණු කතරගම මහා දේවාලයට අපරාධකල්ලි සමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරිද විසින් පූජා කළ මෙම රත්රන් තැටිය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණි.
ඒ අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා නීතිපති උපදෙස් ලබා ගැනීමට ද කටයුතු කෙරුණි. කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ සමන් ප්‍රියන්ත නමැත්තා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.