Home » ‘යුක්තිය‘ මෙහෙයුමෙන් ලක්ෂ 680ක් වටිනා සැප වාහන අල්ලයි

‘යුක්තිය‘ මෙහෙයුමෙන් ලක්ෂ 680ක් වටිනා සැප වාහන අල්ලයි

by chanaka
December 19, 2023 3:49 pm 0 comment

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ වාහන 9ක් භාරයට ගෙන තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරයි.

එම වාහනවල වටිනාකම ලක්ෂ 680ක් පමණ වන බව ඔහු පැවසීය.

එසේම වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ අපරාධවලට සම්බන්ධ වී උපයා ගත් දේපළ රාජසන්තක කිරීමට සියලු කටයුතු යොදන බවත් අපරාධකරුවන් රටෙන් පලා ගියත්, සැඟවී සිටියත් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් කියා සිටියේය.

දැනට ක්‍රියාත්මක වන මෙහෙම හේතුවෙන් අපරාධකරුවන් රටින් පිටවීම වැළැක්වීමට අවශ්‍ය කැමරා පද්ධති සහ කටයුතු ශක්තිමත් කර ඇති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මුහුද ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ අරමුණෙන් බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස සංකීර්ණ පරීක්ෂා කිරීම අද අලුයම් කාලයේදී සිදුකෙරුණි.

බේරුවල, පයාගල, අලුත්ගම, වැලිපැන්න යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හා කටුකුරුන්ද පුහුණු කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයුම සඳහා එක්ව සිටි බව පොලිසිය සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT