343
අභාවප්‍රාප්ත කුවේට් රාජ්‍යයේ නායක නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් (Nawaf Al Ahmad Al Sabah ) මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(18) කොළඹ පිහිටි කුවේට් තානාපති කාර්යාලයට ගියේය.
කුවේට් රාජ්‍යයේ නායක නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් මහතා වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේය.