Home » නිසාගිනි පළමු අදියර සාර්ථකව නිම වෙයි

නිසාගිනි පළමු අදියර සාර්ථකව නිම වෙයි

by yasara
December 19, 2023 2:44 pm 0 comment

ආර්ථික අපහසුතාවය සහිත ජනතාවගේ කුසගිනි නිවාලනු වස්, ඒ සදහා ගත හැකි විකල්පයක් ලෙසින් ඔවුනට මංපෙත් විවර කරනු පිණිස කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජය විසින් නවමු ක්‍රියාකාරකමක් පසුගියදා ආරම්භ විය.

ඒ අනුව හයවන වරටත් ක්‍රියාත්මක කරන ලද “නිසාගිනි 6.0” ව්‍යාපෘතියෙහි, “සාරකෙත” පලමු අදියර පසුගිය නොවැම්බර් 18 වැනිදා ක්‍රියාත්මක කෙරිණි

මෙම වැඩසටහන යටතේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් වල කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සිදු කිරීම සුවිශේෂි වූ සිදුවීමකි.

මේ අනුව දින කිහිපයක් තුල අප ගොඩනගන ලද සැලසුමක් ඔස්සේ ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ තෝරාගත් කුඹුර සැකසීම සඳහා විශ්ව විද්‍යාලීය ලියෝ කණ්ඩායම සහයෝගය දැක්වීය.

මෙහිදී එම ගොවියන් සමඟ එක්ව කුඹුරු වැපිරවීමේ කටයුතු සිදු කළ විශ්ව විද්‍යාල සිසුන් ඔවුන් සමඟ සුහදව ආහාර පාන බෙදා ගනිමින් කටයුතු කරමින් සාර්ථකව ව්‍යාපෘතිය අවසන් කළහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT