Sunday, May 11, 2025
Home » වසර නවයකට පෙර ගුවන් සෙබළියක දූෂණය කළ වින්ග් කමාන්ඩර් රිමාන්ඩ්

වසර නවයකට පෙර ගුවන් සෙබළියක දූෂණය කළ වින්ග් කමාන්ඩර් රිමාන්ඩ්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ, ප්‍රියාන් මලින්ද ත්‍රිකුණාමලය විශේෂ - ඒ.ටී.එම්. ගුණානන්ද

2019.05.29 දින චීනවරාය ගුවන් හමුදා කඳවුරේ 21ක් හැවිරිදි ගුවන් හමුදා සෙබළියක් දූෂණය කළ බවට සැක පිට මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි රණසිංහ ආරච්චිගේ දොන් සම්පත් ජානක ප්‍රශන්න රණසිංහ යන අය පෙරේදා (20) පෙරවරුවේ ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2019 වසරේදී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය විසින් විධිමත් අන්දමින් විමර්ශන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 ප්‍රකාරව බලය පවරන ලද විමර්ශනයක් ලෙස මෙම විමර්ශනය ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී ඇත. ගුවන් හමුදා සෙබළිය දූෂණය කිරීමට අදාළ නිලධාරීයාට ආධාර අනුබල දුන් බව කියන එවකට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කළ ඒකනායක මුදියන්සේලාගේ ධම්මික බණ්ඩාර වික්‍රමසිංහ ඒකනායක යන අයද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ත්‍රිකුණාමලය පොලිසිය පවසයි.

අදාළ ගුවන් හමුදා වින්ග් කොමාන්ඩර්වරයා ඊයේ සවස ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් අන්නතුරෙයි දර්ශනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස්මත ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවේන්ද්‍ර ඩයස් මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT