බෞද්ධ තේමාවක් රැගත් සිනමා කෘතියකට රංගනයෙන් දායක වීම සඳහා සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හිස මුඩු කිරීමට තීරණය කර තිබේ.
ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා නිර්මාණය කරන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘති ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේගේ චරිතයකට පණ පෙවීමට ඩයනා ගමගේ මහත්මියට ආරාධනා කර තිබේ. ඒ වෙනුවෙන් ඇය මෙසේ සිය හිස මුඩු කිරීමට තීරණය කර තිබේ.
අදාළ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ආරාධනය පිළිගත් රාජ්‍ය ඇමැතිවරිය ළඟදීම හිස මුඩු කොට ජාත්‍යන්තර කැමරා කාචයට රංගනයෙන් දායක වීම සඳහා සූදානමින් පසුවන බව ද ඒ මහත්මිය සැම විටම අභියෝගවලට අභියෝග කරන බව ද සංචාරක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.