Home » කඳානේ නිවසක පුද්ගල ඝාතනයක්

කඳානේ නිවසක පුද්ගල ඝාතනයක්

by chanaka
December 22, 2023 10:27 am 0 comment

කඳාන, සෙබස්තියන් මාවතේ නිවසකදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඊයේ(21) උදෑසන මෙම පුද්ගලයා මියගොස් සිටි නිවසේ කිසිවෙකුත් පදිංචිව සිට නොමැති බවයි.

ඒ අනුව, නිවසේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, සොර සතුරන්ගෙන් නිවස ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් නිවසේ ජනේලවලට සිහින් විදුලි කම්බි සම්බන්ධ කර තිබූ බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

විදුලි සැර වැදී මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘතශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ අතර,නිවසේ හිමිකරු, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT