Home » උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්

by chanaka
December 22, 2023 11:04 am 0 comment

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කරයි.

නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටවයන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් හා දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා පැවසීය.

එසේම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය.

මේ අතර කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අද සිට විශේෂ කාලසටහනකට අනුව සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම කාලසටහන අද සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT