චෙක් ජනරජයේ ප්‍රාග් විශ්වවිද්‍යාලය තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇත.
එසේම තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩිතැබීම සිදුකළ 24 හැවිරිදි පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වී තිබේ.
එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිල්ලක් තුළ දී වෙඩිතැබීම සිදුවී ඇති අතර ඇතැම් පුද්ගලයන් වෙඩි වැදීමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පනින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ප්‍රාග් විශ්ව විද්‍යාලය සංචාරකයින් ද නැරඹීමට පැමිණෙන අලංකාර ගෘහ නිර්මාණවලින් හෙබි ගොඩනැගිල්ලකි. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී සංචාරකයින් ද සිට ඇත.
බ්‍රහස්පතින්දා සවස පැවති සාකච්ඡාවකදී එරට පොලිස් ප්‍රධානියා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු පීඨයේ ශිෂ්‍යයෙකු බවයි. කෙසේ නමුත් මෙම වෙඩික්කරුගේ අරමුණ මෙතෙක් අනාවරණය වී නොමැත.