Home » ඉම්රාන් ඛාන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප

ඉම්රාන් ඛාන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප

by chanaka
December 22, 2023 5:11 pm 0 comment

පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප ලබා දී තිබේ.

රාජ්‍ය රහස් හෙළි කිරීම සමබන්ධයෙන් වූ චෝදනාවකට ඔහුව පසුගිය අගෝස්තු මාසයේ දී සිට බන්ධනාගරගත කෙරිණි. ඉම්රාන් ඛාන්ට අදාළ මෙම නඩුව ‘සයිෆර්’ නඩුව ලෙස හැඳින්වේ.

පසුගිය වසරේ වොෂින්ටනයේ පාකිස්තාන තානාපතිවරයා විසින් ඉස්ලාමාබාද් වෙත යවන ලද රහසිගත පණිවිඩයකට අදාළ චෝදනා ඛාන් විසින් ප්‍රසිද්ධියට පත් කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ නමුත් ඔහු ව නිදහස් කරන දිනය පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් නොමැති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

එසේම ඛාන්ට එරෙහිව තවත් නඩු කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඛාන් සිරෙන් නිදහස් වේවිද යන්න ගැටලු සහගත වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT