Home » පිස්සන්ට දෙන බෙහෙත් පෙති පාසල් සිසුන්ට අලෙවි කරලා

පිස්සන්ට දෙන බෙහෙත් පෙති පාසල් සිසුන්ට අලෙවි කරලා

මත්කරල් 2,500ක් සමඟ අයෙක් අත්අඩංගුවට

by mahesh
December 22, 2023 1:00 am 0 comment

පොතුපිටිය- සුමිත් ප්‍රේමතිලක

පාසල් ළමුයි ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයකු මත්කරල් 2500ක් සමඟ ඊයේ (21) අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජුබිලි පාර, ලක්ෂපතිය, මොරටුව ලිපිනයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

සැකකරු කාලයක පටන් පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති සිසුන් ඉලක්ක කරගනිමින් මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධයක් අලෙවි කිරිම සිදුකර ඇති බව සඳහන් වේ.

කරලක් රුපියල් 150 බැගින් අලෙවි කරන බවත්, මොරටුව ප්‍රදේශයේ පාසල් ළමුයි සහ පෞද්ගලික උපකාරක පන්ති සිසුන් මේවා මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වන බවද සඳහන් වේ.

සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

මූලස්ථාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාගේ උපදෙස් පරිදි දුෂණ මර්දන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අන්වර් මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT