Home » හොර සල්ලි අච්චු ගැසූ සරසවි බාහිර සිසුවාට ඇප

හොර සල්ලි අච්චු ගැසූ සරසවි බාහිර සිසුවාට ඇප

by mahesh
December 22, 2023 1:00 am 0 comment

මහර සමුහ - ගණිදු රෝචන සමරතුංග

ව්‍යාජ රුපියල් පන් දහසේ නෝට්ටු මුද්‍රණය කර එම නෝට්ටු 63ක් ළඟ තබා ගෙන ඒවා වලංගු මුදල්වලට මාරු කරමින් මුදල් ඉපැයු බව කියන සැකපිට රිමාන්ඩ් කර සිටි ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ බාහිර අංශයේ සිසුවකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කළාය.

සැකකරුට ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරු දින බියගම පොලිසියේ පෙනී සිටීමටත් එම සැකකරුට විදේශ ගත වීම තහනම් කිරීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි නුවන් මධුසංක නමැති 24 හැවිරිදි අයෙකුට එසේ ඇප නියම විය.

බියගම පොලිසියේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙම සැකකරුගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා මුද්‍රණ යන්ත්‍රයක් සහ මුද්‍රණ කඩදාසි සොයා ගැනීමට හැකි වූ බව පැවසීය.

මෙහි ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශය වෙත මෙම නඩුව යොමු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව බියගම පොලිසියේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය. නඩුව නැවත ලබන මැයි මස 07 වන දින කැඳවීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT