සාම විනිසුරු පත්වීම් ලිපි ලබාදීම ආවාට ගියාට සිදු නොකරන බවත් පත්වීම් ලබාදෙන ගන්න පුද්ගලයා ගැන හොද සොයා බැලීමක් කර එය සිදු කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වන සමාජ ක්‍රියාකාරීන්, එක් එක් ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් සහ දහම්පාසැල් ගුරුවරුන් පිරිසක් වෙත මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ තවත් වැඩසටහනක් අද(22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
එහිදී අදහස් පලකරමින් අමාත්‍යවරයා සදහන් කළේ මේ සමාජය හැම පැත්තකින්ම පිරිහිලා තියෙන්නෙ මේක දවසකින් දෙකකින් වෙච්ච දෙයක් නෙවෙයි. සමාජ විකාශනයත් එක්ක කාලයක් තිස්සේ වෙච්ච දෙයක් මේ වන විට ඒක උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. අපිට ඕන මේ තත්වය ආපසු හරවන්න අන්න ඒ නිසා අපි රට භාර අරගන පසුගිය මාස 15ක පමණ කාලයක් තුල මේ රටේ යහ පැවැත්ම සඳහා අවශ්‍ය කරන නීති අණපනත් 45ක් පමණ යාවත්කාලීන කරන්න සිද්ධ උනා ඉදිරියටත් එම කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
ගමයි පන්සලයි කියන සංකල්පය දැන් වෙනස්වෙලා තියෙන්නෙ. අනිත් ආගම් වලත් එහෙමයි ඒ නිසා මුදල මුලික කරගත්තු සමාජයක් තමයි මේ කාලේ බිහි වෙලා තියෙන්නෙ මත් උවදුර සමාජය වෙලාගන ඉන්නෙ අපි මේ වල් වැදුනු සමාජය යහ මාර්ගයට ගන්න ඕන ඒ නිසා අධිකරණ අමාත්‍යාංශය විදියට අපි සමාජයේ යහපැවත්මට අවශ්‍ය කරන මූලික අඩිතාලම දමමින් ඉන්නවා. ඒකෙ එක් පියවරක් විදියට සමාජය පිළිගන්න සමාජයට වැඩදායී ආදර්ශමත් සහ වගකීම් සහගත පුද්ගලයින් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමට තීරණය කලේ.
1978 අධීකරණ සංවිධාන පනතින් ජනාධිපතිවරයාට මහාධිකරණ විනිසුරුවරුන් පත්කරන්න බලය දීල තියනවා අධිකරණ සේවා කොමිෂන් සභාවට දිසා විනිසුරු මහේස්ත්‍රාත්වරුන් පත්කරන්න බලය දීලා තියනවා වගේම අධිකරණ අමාත්‍යවරයාට බලයදීලා තියනවා සාම විනිසුරුවරුන් පත්කරන්න. අපි ආවාට ගියාට ඒ වැඩේ කරන්නෙ නෑ. සාම විනිසුරු පත්වීම් ලබාදෙන ගන්න පුද්ගලයා ගැන හොද සොයා බැලීමක් කරල තමයි එක කරන්නෙ. පොලිීසියෙන්, ග්‍රාමසේවකගෙන්, පන්සලේ හාමුදුරුවන්ගෙන් නැත්නම් අණ්‍යාගමික නායකයන්ගෙන් විස්තර ලබාගෙන තමයි පත්වීම් ලබාදෙන්නේ මේ පත්වීම් ලබාදීමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ සමාජයට ගුණාත්මක සේවයක් කරන්න මේ පත්වීම් ලබාදෙන හැමකෙනෙක්ගෙන්ම රාජකාරිය අකුරම බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා සඳහන් කල අතර පසුගිය කාලයතුළඅනවශ්‍ය පුද්ගයින්ටත් සාම විනිසුරු පත්වීම් ලබාදී තිබූ බවත් එවැනි පුද්ගලින් කිහිපදෙනෙකුගේ පත්වීම් අහෝසි කිරීමට කටයුතු කල බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක අභිධජ මහා රට්ඨගුරු කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන් වහස්සේ දේශනාවක් සිදුකල අතර, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ සපුගස්වත්ත මහතා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.