ජනාධිපති කාර්යාලය,සංචාරක සංවර්ධන මණ්ඩලය,ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධාන කරන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (21) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
විදුලි පහන් ආලෝකය දල්වා මේ අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමටද එක් විය.
ඊයේ නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් සිදු කළ අතර මේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය 23 වැනිදා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ (21) දිනද, ශ්‍රී ලංකා යුද හමුදාව අද (22) දිනයේ ද සහ 23 වැනිදා ශ්‍රී ලංකා පොලිසියේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ඇත.
පෙරේදා පැවති ප්‍රසංගය නැරඹීමට ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.