Home » ජවුෆර් නොහොත් නෙවිල්ගේ ගෝලයෙක් අයිස් හා කේජී සමඟ එස්ටීඑෆ් අත්අඩංගුවට

ජවුෆර් නොහොත් නෙවිල්ගේ ගෝලයෙක් අයිස් හා කේජී සමඟ එස්ටීඑෆ් අත්අඩංගුවට

by mahesh
December 22, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්තමහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාහොමඩ් රාසික් මොහොමඩ් ජවුෆර් නොහොත් නෙවිල් යන අයගේ සමීපතමයකු අයිස් මත්ද්‍ර‍ව්‍ය හා කෙරළ ගංජා සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත මරදාන පොලිස් වසමේ නවගම්පුර, ප්‍රගති මාවතේදී වැටලීමක් සිදු කර ඇති අතර, එහිදී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑ. 6, මි.ග්‍රෑ. 100ක් හා කෙරළ ගංජා ග්‍රෑ. 5ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද දීපව්‍යාප්ත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/ විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (උ.පො.ප) ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT