දීර්ඝකාලයක සිට මහා පරිමාණයෙන් නීති විරෝධිව ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර, විදෙස් අනුග්‍රහ ලිපි මුද්‍රණය සිදු කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක් පෙරේදා (20) වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානය පවත්වාගෙන ගිය දෙදෙනෙකු සහ ව්‍යාජ ලිපි ද්‍රව්‍ය ඇතුළු දේ අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද දීප ව්‍යාප්ත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති (පො.ප) බී.එච්.එස්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.
පොලිස් වශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත පන්නල පොලිස් වසමේ ඇලබඩගම ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ඇත.
එහිදී දීර්ඝකාලයක සිට නීති විරෝධිව ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර, විදෙස් අනුග්‍රහ ලිපි සහ මහා පරිමාණයෙන් ව්‍යාජව මුද්‍රණය සිදු කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය එම ජාවාරම සිදු කරගෙන යනු ලැබූ පන්නල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 හා 33 පසු වන දෙදෙනෙකු ඒ සඳහා යොදාගන්නා ලද උපකරණ හා අමුද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත භාර දී ඇත.
ලැප්ටොප් යන්ත්‍ර 3ක්, ප්‍රින්ටර් යන්ත්‍ර 08ක්, ජංගම දුරකතන 2ක්, 65GB වර්ගයේ PEN DRIVE 2ක්, රේඩියම් ස්ටාර් චෙක් මැෂින් 2ක්, DCP UPS යන්ත්‍රයක්, ලැම්නෙට්න් කටරයක්, ලැමිනේටින් කොළ 36ක්, විවිධ පුද්ගලයන්ට අයත් විදෙස් ගමන් බලපත් 24ක්, විවිධ ප්‍රමාණවල දිය සලකුණු සැදීමේ ස්ක්‍රීන් මුද්‍රණ සිදු කරන රාමු 25ක්, විවිධ පුද්ගලයන්ට අයත් ඉන්දීය විදෙස් ගමන් බලපත්වල ජීවදත්ත පිටු16ක්, විවිධ රටවල ව්‍යාජ ලෙස සකස් කරන ලද වීසා බලපත්‍ර ස්ටිකර්18ක්, විවිධ රටවල ව්‍යාජ ලෙස සකස් කරන ලද වීසා බලපත්‍රවල මුද්‍රිත පිටපත් 42ක්, සර්ජිනෝ වර්ගයේ කාඩ් 1ක්, සර්ජිනෝ වර්ගයේ කාඩ් සෑදීමට ගන්නා මුද්‍රිත පිටපත් 1ක්, ව්‍යාජ වීසා සකස් කිරිමේදී වැරදී ඇති මුද්‍රිත පිටපත් 134ක්, වි.ග.බ. ට ඇතුළත් කිරීමට අඩක් සකස් කරන ලද ලේඛන 93ක්, විදෙස් ගමන් බලපත්වලට ඇතුළත් කිරීමට සකස් කරන ලද ලාංඡන ඇතුළත් ස්ටිකර් කාඩ් 48ක්, වි.ග.බ. මුල් පිටු සකස් කිරිම සඳහා යොදාගන්නා විනිවිද පෙනෙනා පිටු 9ක්, විදෙස් ගමන් බලපත් ඇතුළු පිටු සකස් කිරීමට උපයෝගි කරගන්නා බ්ලොක් 13ක්, විවිධ රටවල ගුවන් බලපත්වල දිය සලකුණු සහිත තෙල් කඩදාසි 58ක්, පාස්පෝට් ප්‍රින්ට් කිරීමට උපයෝගි කරගන්නා පිටු 359ක්, විවධ රටවල ලාංඡන ඇතුළත් ඇතුළු පිටු සකස් කිරීමට යොදාගන්නා ට්‍රාන්පේරන්ස් කොළ ඇතුළත් රෝල් 3ක්, JAPAN RESIDENCE CARD – TJ99921612EA පත් 1ක්,විදෙස් ගමන් බලපත් සකස් කිරීමට යොදාගන්නා තහඩු ලාංඡන මුද්‍රා 3ක්, ප්ලාස්ටික් ලාංඡන මුද්‍රා 2ක්, කිරල ඇබවලින් සකස් කරන ලද මුද්‍රා එකක්, විවිධ ප්‍රමාණයෙන් යුත් තීන්ත කුප්පි ඇතුළු උපකරණ මේ වැටලීමේදී පොලිස් භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.